Uncategorized

සුළු කාලයකට හෝ වාසනාවකට 2015 ජනවාරි 8 වන දා මේ ආණ්ඩුව වෙනස්වුණේ.. මම කවදාවත් කරණම් ගැහුවේ නෑ. ශ්‍රීලනිපයෙන් ගියෙත් මාව යවපු නිසා .- මංගල

තමා විදේශ අමාත්‍යධුරය දරනු ලැබූ කාලය තුළ මෙරටට සම්බාධක පැනවීමට ජාත්‍යන්තරය ගත් උත්සාහයන් වැළැක්වීමට කටයුතු කළ බව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මෙරට ජනතාවට නොව පාලකයන්ට සම්බාධක පැනවීමට එවකට සිටි මානව හිමිකම් කොමසාරිස්වරයා ඇතුළු පිරිස කටයුතු කරමින් සිටි බව හිටපු විදේශ අමාත්‍ය වරයා සඳහන් කළේය.

“මාර්තු මාසයේ මේ එක්සත් ජාතීන්ගේ කොමිසමේ සභාගත කරානම් ගොඩක් වෙලාවට අපේ රාජ්‍ය නායකයින්ට පිටරටකටවත් යන්න බැරි වෙනවා. සම්බාධක ජනතාවට නොආවවත් ප්‍රධානීන්ට එන්න තිබුණා. සම්පූර්ණයෙන් ම අපේ රටේ ස්වෛරීයභාවය පිටරටවල්වලට විකුණලා තිබුණ මොහොතක තමයි මේ රටේ සුළු කාලයකට හෝ වාසනාවකට 2015 ජනවාරි 8 වන දා මේ ආණ්ඩුව වෙනස්වුණේ. මාර්තු 3වන දාද කොහෙදෝ මම විදේශ ඇමති වුණා. පැය 72ක් ඇතුළත ජීනිවා ගියේ එවකට හිටපු කොමිසමේ ප්‍රධානියා හමුවෙන්න. එතුමාගෙන් ඉල්ලීම් කරා. පළමු ඉල්ලීම තමයි කරුණාකරලා දැන් අලුත් ආණ්ඩුවක් තියෙන්නේ 2014 යෝජනාව අනුව කෙරෙන වාර්තාව ඊළඟ මාර්තු මාසයේ සභාගත කරන්න එපා… භයවෙන්න එපා අපේ අධිකරණය පවා ස්වාධීනව පත්කරනවා කියලා. දෙවැනි එක කිව්වා අපිට කල්දෙන්න ඊළඟ සැසිවාරය වෙනකල් අපේම යෝජනා සැප්තැම්බර් මාසයේ දී ගේනවා කියලා ඒ අයව කැමති කර ගත්තා.“

අද (31)දින පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා පවසා සිටියේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 30/1 යෝජනාවේ හැම වචනයක් ම දැනසිටි බවත් එය අනුමත කළ බවත්ය.

මෙහිදී එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට ද මංගල සමරවීර මහතා මෙලෙස අදහස් පළකළේය.

ප්‍රශ්නය – ඔබතුමාගේ දේශපාලන සටකපටකම් ඔක්කෝම අපි දන්නවනේ. ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එකතුවෙන්වා ද? විවිධ කරණම් ගහගෙනගිහින් අවසානයේ එතන ඉදී ද?

මංගල සමරවීර – “මම කවදාවත් කරණම් ගැහුවේ නෑ. මම ශ්‍රීලනිපයෙන් ගියෙත් මාව යවපු නිසා. නැතුව මම ගියේ නෑ.”

ප්‍රශ්නය – ඔබතුමා සජිත් මහත්තයට වම් පාදයෙන් ගහලා, චම්පික රණවක මහත්මයාට දකුණු පාදයෙන් ප්‍රහාරයක් එල්ල කරලා, අපේ චන්ද්‍රිකා මැතිනිය සමග එකතු වෙලා අලුත්ම ගමනක් යන්නට සැරසෙනවා කියලා මට පේනවා.

මංගල සමරවීර – “මම ජීවිතේට කාටවත් පයින් ගහලා නෑ. ගහන්නෙත් නෑ.”

Related posts

ඊශ්‍රාලයට දැවැන්ත ප්‍රහාරයක්

Admin

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday

නව ආසාදිතයෝ 2780ක්

colombotoday

කොටගල නගරයේ භූමිතෙල් පෝලිම කිලෝමීටර් දෙකක දුරකට

colombotoday

මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩියෙන් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා

Admin