Colombo Today Local News

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදුන් බවයි.

ප්‍රධාන හෝටල්වලට පාස්කු සමයේදී යුද හමුදා ආරක්ෂාව දෙන ලෙස ඒවායේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා කීය.

ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවත්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම් ට

colombotoday

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

කාදි අධිකරණයෙන් අසාධාරණයට ලක්වූ මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්

colombotoday

“එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නෙමෙයි නාමල්.. වනජීවී ඇමති බැසිල්.. අද අපි නිදහස්” – විජයමුණි සොයිසා

colombotoday