තායිලන්තයේ බැංකාක් නුවරදී පැවැති 2015 විශ්ව යෞවනයා තේරීම් තරගයෙන් පළමු ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකාවේ දහම් ඩයස් සමත් විය. දෙවන ස්ථානය බ්රසීලයේ කයියෝ ජුලියානි දිනාගත් අතර, තුන්වන ස්ථානය ඉන්දුනීසියාවේ රියන්දි අනුග්රා පුත්රා දිනාගත්හ. එම තරගයේදී විශේෂිත සම්මාන කිහිපයක් වන හොඳම ඇඳුම් නිර්මාණය ඔස්ටේ්රලියාව දිනාගත් අතර, හොඳම මෝස්තර නිරූපණ ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ මියන්මාරයයි. හොඳම ඡායාකාන්ත පුද්ගලයාට හිමි සම්මානයද ශ්රී ලංකාවට හිමිවුණා. මෙම තරගාවලිය ප්රථමවරට ආරම්භ කරන ලද්දේ 2015 වර්ෂයේ වීමද විශේෂත්වයක්.