Colombo Today Local News

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

“ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ, පාට භේදවලින් තොරව අතිගරු ජනාධිපතිතුමා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි. මේ රටට අත්වුණ ඉරණමත් ඒ ඉරණම වෙනස් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳ ජාතික වශයෙන් පුළුල් සංවාදයක් ඇතිවිය යුතු වෙනවා. අපිට පුළුවන් මේ අර්බුදය විසඳීම සඳහා 11 වතාවක් ගිය ආකාරයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න. ඛනිජතෙල් මිල වැඩිකරන්න ඕනේ. ගෑස් මිල වැඩිකරන්න ඕනේ. ආනයනය සීමා කිරීම් ඉවත් කරන්න ඕනේ. මුදලේ අගය නිදහසේ පාවෙන්න අරින්න ඕනේ. ජනතාවගේ ඉල්ලීම ඒක නම් ඒක කරන්න පුළුවන්.”

Related posts

මිරිහානේ ඝාතනයක්

Admin

පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොන

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

නීතිය හා සාමය අමාත්‍යංශය ජනපති යටතේ තබා ගැනීමට තීරණයක්

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday