Colombo Today Local News

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් හා තවත් පුද්ගලයෙක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19)දින සවස 2.30ට පමණ එම වැටලීම සිදුකර ඇති අතර එහිදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක් වන “වනාතේ අරුණි” නැමති 26 හැවිරිදි කාන්තාවක් වන අතර අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා 29 හැවිරිදි ඇයගේ පෙම්වතා බවට තොරතුරු ලැබී තිබේ.

ඔවුන් බොරැල්ල සහ කටුවන ප්‍රදේශවල පදිංචි අය බව පොලීසිය පවසයි.

බොරැල්ලේ නිවසට අමතරව තවත් නිවසක් කුලී පදනම මත ජාඇළ, නිවාසිපුර ප්‍රදේශයෙන් ලබාගෙන මත්කුඩු ජාවාරම ඉතා රහසිගතව සිදුකරන බවට ලද රහසිගත තොරතුරක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව එම නිවස වටලා තිබේ.

එම අවස්ථාවේ දී ද ඔවුන් නිවසේ කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බව පොලීසිය පවසයි.

Related posts

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

රටට ආදරයක් නැති මිනිහෙක්.! ෆොන්සේකාගේ චෝදනා ගැන හිටපු ජනපති කියයි (Video)

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday