Colombo Today Local News

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

බාල පෙට‍්‍රල් ශ‍්‍රී ලංකාවට සැපයීම සම්බන්ධයෙන් ඉකුත් 2012 වසරේදී අසාදු ලේඛන ගත කළ සිංගප්පූරු සමාගමකට 2020 වසරේ මැයි 31 දින දක්වා මෙරටට පෙට‍්‍රල් බැරල් 900000 ක් සැපයීමේ දීර්ඝ කාලීන කොන්ත‍්‍රාත්තුවක් ලබාදීමට පෙරේදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

මෙම සමාගම බාල පෙට‍්‍රල් සැපයීම හේතුවෙන් මෙරට රථවාහන රැසක එන්ජින් අක‍්‍රිය වූ අතර, එහිදී අදාළ රථවාහන සඳහා වන්දි ප‍්‍රදානය කිරීමට ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවිය.

ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට 2020 වසරේ මැයි මස 31 වැනිදා දක්වා දීර්ඝ කාලීන ඉන්ධන සැපයීමේ කොන්ත‍්‍රාත්තුව මෙම සමාගමට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ ඛනිජ තෙල් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුවය.

මේ සමගම ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට 2020 මැයි මස 31 වැනිදා දක්වා මෙරටට ඞීසල් බැරල් මිලියන 1.04 ක් සහ ජෙට් 1 ඉන්ධන බැරල් මිලියන 1.28 සැපයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට දීර්ඝ කාලීන කොන්ත‍්‍රාත්තුවක් ලබාදිමට ද කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

Related posts

ගෝඨාගේ රැස්විම් වලිදි ශ්‍රිලනිප නායකයන්ට ‘හූ’ කීම එජාප, ජවිපේ කුමන්ත්‍රණයක් !

colombotoday

“යුධ අපරාධ හොයන්න විදෙස් සහය.. විදේශ විනිසුරන් ගෙන්වීමටත් සලකා බලනවා” – මංගල

colombotoday

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday