Colombo Today Local News

යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑ

pujitha jayasundaraපොලිසිය දැන් වැඩ කරන්නේ මහජනතාවගේ අවශ්‍යතාවය අනුව පමණක් බවත්, දේශපාලන බලපෑම් දැන් නොමැති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා එසේ පැවැසුවේ හෙතෙම මූලික අධ්‍යාපනය ලැබූ ඉබ්බාගමුව, මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේදී පසුගිය 15දා පස්වරුවේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

සිහිනෙකින්වත් නොසිතූ පුද්ගලයන් ඉදිරි දිනවලදී රටේ නීතියට අනුව අධිකරණයට ඉදිරිපත් කරන බවත්, පොලීසිය තිබුණාට වඩා ශක්තිමත්, ස්වාධීන ආයතනයක් බව තව ටික දිනකින් මහජනතාවට තේරුම් යනු ඇති බවද ඔහු පැවසීය.

පොලිසිය අද වැඩ කරන්නේ මහජන අවශ්‍යතාව අනුව විතරයි. අහවලාගේ, අරයාගේ, මෙයාගේ යටිපැත්තෙන්, පිටිපස්ස දොරෙන් එන බලපෑම්, න්‍යාය පත්‍ර කොහෙත්ම නැහැ, භීෂණයක් නැහැ. ත්‍රස්තවාදයක් නැහැ. බලපෑම් නැහැ. ඇඟිලි ගැසීම් නැහැ. දේශපාලන අතකොළු වෙන්න කවුරුත් අවශ්‍ය නැහැ. අපේ රටේ වාසනාවකට වගේ ඇතිවෙච්ච මේ ප්‍රබල දේශපාලන පක්ෂ දෙකේ සම්බන්ධීකරණය හෙවත් අපි කවුරුත් හඳුන්වන යහපාලනය ශක්තිමත් කිරීම පොලිස්පතිවරයාගේ යුතුකමක්. වගකීමක්.’ යනුවෙන්ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් ට කොවිඩ්

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

තිරිච්චි විශේෂ කදවුරක රදවා සිටින ලාංකික සරණාගතයන් 16ක් නිදහස ඉල්ලා වස බෝයි.. දෙදෙනෙකු බඩ කපා ගනී…

colombotoday

ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව පෙබරවාරි 17ට කල් යයි.

colombotoday

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday