Colombo Today Local News

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” වෙත හෙට (02)දින කැඳවා තිබේ.

ඒ, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටය.

ඔහු ඒ සඳහා හෙට උදෑසන 9ට එම ඒකකයට කැඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර උපුල් තරංග අද උදෑසන 10.15ට “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” වෙත පැමිණ පැය 2 1/2 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුනි.

මේ අතර හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ (30)දින පස්වරුවේ එම ඒකකයට ගොස් පැය 5කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදී තිබුණි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබුණි.

Related posts

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

ටියුෂන් ඇවිත් අනුරපුර නගරයේ පෙම්සුව විදි සිසු සිසුවියෝ 33ක් කොටුවෙති

colombotoday

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

colombotoday

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

colombotoday