Colombo Today Local News

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක් – චම්පිකගෙන් මැසිවිලි

“මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න දිවිහිමියෙන් කටයුතු කිරීම අපි කළ දේශපාලන වරදක්” යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (25) පැවසීය.

මහනුවර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ස්වාධීන අධිකරණයක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඉන් ලබාදෙන තීන්දු තීරණ ඉතාමත්ම නිවැරදි වන බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීය.

 ‘‘අපි අතින් පසුගිය කාලයේදී  යම් දේශපාලනමය වරදක් සිදු වුණා.2004  මහමැතිවරණයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය අරගෙන තිබුණා. අපේ ජාතික හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා නව නම නිසා තමයි ඒක බහුතරය ලැබුණේ.

ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවන් තීරණය කරල තිබුණා ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති කරන්න. නමුත් ඒ ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කරන්න කියලා අපිත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට ඉල්ලීම් කළා.අපි ඒ ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා.

ඒ වගේම 2005 දී කඩිනමින් ජනාධිපතිවරණය අරගෙන 2004 උණුසුමෙන්ම ජනාධිපතිවරණය ජයගන්න ජනතා විමුක්ති පෙරමුණත් ඒක්ක කටයුතු කිරීම ගැන අපි අද ජනතාවගෙන් සමාව ඉල්ලනවා.

අපේම ඇතැම් ස්වාමීන් වහන්සේලා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වද්දී අපි ජාතික සම්මේලනයක් තියලා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන්න ක්‍රීයාකාරිව වැඩකිරීමට තීරණය කළා. අපේ කැපවීමෙන් තමයි එතුමා ජනාධිපති වුණේ.

අපි ඒ ගැනත් මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා.මේවා තමයි අපි කරපු දේශපාලන වැරදි.

විවිධ අවස්ථාවලදී රට වෙනුවෙන් ජාතික හෙළ උරුමය ඉදිරිපත් වුණා. එදා නොසිටි පිරිස් අද වනවිට වීරයන් බවට පත්ව සිටිනවා. එල්ටීටීඊ සංවිධානය වෙත මුදල් ලබා දෙමින් තමන්ගේ ජීවිත ආරක්ෂාව තර කර ගත් පුද්ගලයන් අද වීරයන් බවට පත්ව සිටිනවා.

ඒ අවස්ථාවලදී අප දේශපාලනික වශයෙන් යම් යම් වැරදි කළා. ඒ වැරදි ඉදිරියේදී නිවැරදි කරගෙන සිදුකළ තවත් දේශපාලන වැරදි ඉදිරියේදී හෙළි කරනවා‘‘ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි

colombotoday

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday

ජෝන් කැඩූ ජොගිං පාත්, ජනතා මුදලින් නැවත හදයි.. කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරියෙන් පුද්ගලික සමාගමකට

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday