Colombo Today Local News

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

මෙම වසරේ ඩෙංගු රෝගීන් 20,000 ඉක්මව වන අතර මරණ 31 ක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගංවතුරෙන් යට වූ ප‍්‍රදේශවල විශේෂ ශ‍්‍රමදාන ඊයේ(27) සිට ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වීමත් සමඟ ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද සිට අඛණ්ඩව ගෙයින්ගෙට ගොස් පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ ශ‍්‍රමදාන ඇතුළත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා(26) කොළඹ අයි.ඩි.එච් උණ රෝහල සහ මහරගම රෝහල නිරීක්ෂණය කළේය. ඩෙංගු රෝගයට ලක් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබන්නේ අයි.ඩි.එච් උණ රෝහලේය.

විශේෂයෙන්ම ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වු කොළොන්නාව, කඩුවෙල, ගම්පහ ප‍්‍රදේශවල තවමත් කසල ද්‍රව්‍ය තිබීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම වැඩිවී තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ගෙන ඇත. එමෙන්ම දිවයින පුරා රෝහල් ආශ‍්‍රීතව ඇති ධූමායන යන්ත‍්‍ර කොළඹට ගෙන්වා ධූමායන කටයුතු සිදු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

එමෙන්ම මෙම මස 30 සිට ජුලි 02 දක්වා ති‍්‍රවිධ හමුදාව හා පොලිසියේ ද සහභාගීත්වයෙන් යළිත් තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Related posts

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

Admin

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

උද්ඝෝෂකයෝ මහරගම පොලිස් ස්ථානාධිපතිට ඇඟිලි දෙකක් අහිමි කරයි. – නායකත්වය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්වී යලි එජාපයට

colombotoday