අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (20)දින දිවුරුම්දීමට නියමිතව තිබේ.
එමෙන්ම එරට පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගියදා අවසන් වු අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජයගනු ලැබීය.
කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල දූෂිත බවට පවසමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කළේය.
පැවති තත්ත්වය හමුවේ පාක්ෂිකයින් අතර ගැටුම් හටගත් අතර ඒ හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ද මියගියේය.