Colombo Today Local News

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

මෙම වසර තුළ ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක් බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

” මෙම වසර තුළ ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. නිෂ්පාදන සමාගම් මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට් පමණක් තහනම් කරන ලෙස අපෙන් ඉල්ලීමක් කළා. මම ඒ අයට ලන්ච්ෂීට් ලබා දී මේ අතරින් මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් තෝරා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ නිෂ්පාදන සමාගම්වලටවත් මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට් මොනවාද කියලා තෝරා දෙන්න බැරිවුනා. මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්.

ලන්ච් ෂීට් නිෂ්පාදනය කළ සමාගම්වලටත් මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට් හොයා ගන්න බැරිනම් රටේ මහජනතාව ඒවා හඳුනාගන්නේ කෙසේද. එමනිසා එහෙම සීමාවක් නොකර පොලිතීන් හා ප්ලාස්ටික් යොදා නිපදවන ලන්ච්ෂීට් මුළුමනින්ම තහනම් කරනවායි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෙසේ වුවත් 2017 සිට මෙම ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් සම්බන්ධව අපි එම සමාගම් සමග සාකච්ඡා කළා. නමුත් මෙම සමාගම් කිසිදු අවස්ථාවක විකල්ප නිෂ්පාදන සම්බන්ධව අවධානය යොමු කර නැහැ. එමනිසා නැවත සහන කාලයක් ලබා දෙන්න අපි පියවර ගන්නේ නැහැ. මෙම වසරේ ඉදිරි කාලය තුළ මෙම නිෂ්පාදන දෙකම අපි තහනම් කිරීමට පියවර ගන්නවා.

දැන් වෙනත් සමාගම් විකල්ප යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා අතර පරිසර හිතකාමී, ඉක්මණින් දිරාපත්වන නිෂ්පාදන රැසක් තිබෙනවා. එම නිෂ්පාදන තාක්ෂණය අනෙකුත් සමාගම්වලටත් ලබා දීමට ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා. එමනිසා අපිට මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම හා පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන් වේවි ” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ… කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

colombotoday

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට විරෝධය දක්වයි

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday