Colombo Today Local News

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය කිරීම ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, සමෘද්ධි සහනාධාරය ලබන ඇතැම් පවුල් එම ප්‍රතිලාභය ලැබීමට සුදුසකම් නොලබන බවට පැමිණිලි ලැබි ඇති බවයි.

ඒ අනුව සමෘද්ධි සහනාධාරය නොලබන එහෙත් ඒ සඳහා සුදුසකම් ලබන නව ප්‍රතිලාභීන්ට එම ප්‍රතිලාභය ලබා දීමට පියවර ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභය අපේක්ෂාවෙන් ලක්ෂ 5ක පමණ පවුල් සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බවයි.

පවුල් ලක්ෂ 18 ක පුද්ගලයින් ලක්ෂ 75ක් පමණ සමෘද්ධි ප්‍රතිලාභය මේ වනවිට ලබන බව ද නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

Related posts

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

Admin

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

Admin

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

Admin