Colombo Today Local News

අගමැති ඉම්රාන් පිළිගන්න පෙරහුරුව අස්සේ වෙඩි උණ්ඩ රැගත් අයෙක් කටුනායකට රිංගයි

ටී-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු ඊයේ (19)දින ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වන අවස්ථාව වනවිට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක්ද කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇති බව වාර්තා වෙයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකුයි.

ඔහු මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරීවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Related posts

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

Passport Index ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව 83 වෙනි තැනට – වීසා නැතුව යන්න පුළුවන් රටවල් 12ක්

colombotoday

ඔත්තු දී වෙඩිකෑ තස්ලින්ට පොලිසියෙන් මුදල් පරිත්‍යාගයක්

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

රටේ රතු හාල් නැති වුනේ රනිල් නිසා

Admin