Colombo Today Local News

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් එය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිව සිදු කරන ලෙස පැවිදි හඬ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

එසේ නොමැතිව හිතුවක්කාරකමට සංශෝධනය ගෙන එනවා නම් මහා සංඝරත්නය කිසිසේත්ම එයට එකඟ නොවන බවද සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

මහා සංඝරත්නයට පිටුපා යමක් ගෙන ඒමට කවුරුන් හෝ සූදානම් වන්නේ නම් ඒ සියලු දෙනාටම පිළිතුරු දෙන්නට සංඝරත්නය සූදානම් බවද උන්වහන්සේ කියා සිටියහ.

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට තමන් වහන්සේලා මුල් වූ බව සැබෑ නමුත් අද ආණ්ඩුවට තමන් වහන්සේලා සිටින බවක් ගැන අවබෝධයක් නැති වීම ගැන කනගාටු වන බවත් ඒ හිමියෝ පැවසූහ.

ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පිරිස අමතක කර දමා අලුත් අය දමාගෙන ඔවුන්ගේ උපදෙස් මත යන ගමනට දැඩිව විරෝධය පළ කරන බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් කල් දැමීම වඩා සුදුසු බවත් මාධ්‍ය හමුව අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කලහ.

තුනෙන් දෙකක බලයක් තිබියදී 20 සංශෝධනයට මෙතරම් කලබලයක් මන්දැයි උන් වහන්සේ ප‍්‍රශ්ණ කලහ.

Related posts

“ජනපති සමග ජපන් ගියේ උලපනේ සුමංගල හිමියන් පමණයි” – ජනපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

colombotoday

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

Admin

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday