Colombo Today Local News

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

2019 දෙසැම්බර් 02 වැනි දින බඩල්කුඹුර කරවිල ප‍්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඇස් වලට මිරිස් කුඩු ගසා නිවැසියන්ට ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කොට රුපියල් දහඅටලක්ෂ විසිපන්දහස් පන්සියයක් වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයෙකුගේ බාල සහෝදරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මංකොල්ලය මෙහෙයවා ඇත්තේ අනුරාධපුර ප‍්‍රදේශයේ ප‍්‍රබල පාතාල නායකයෙකු සිට මියගිය එස්.එෆ්. ලොක්කාගේ සමීපතමයෙකු වන අනුරාධපුර නොච්චියාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ල කන ලද රන් ආභරණවලින් කොටසක් නොච්චියාගම ප‍්‍රදේශයේ නිවසක තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කොටසක් මොණරාගල නගරයේ පුද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස්කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ල කෑම සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය මඟින් සිද්ධියවූ වකවානුවේදී එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන් කිසිවෙකු මෙම සිද්ධියට සම්බන්ධ නැති බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා විසින් මෙම කොල්ලය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කොට මීට මාසයකට ඉහතදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහෙත් සිද්ධිය මෙහෙයවූ ප‍්‍රධාන සැකකරුවන් තිදෙනා අනුරාධපුර නොච්චියාගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

colombotoday