Colombo Today Local News

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා වූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර තිබේ.

මේ මස 30 සහ 31 වනදා එය පැවැත්වීමට නියමිතය.

එම නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කෙරුණු වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් ඉදිරිපත්කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම වාරණ නියෝගය ලබන 16 වනදා තෙක් බල පැවැත්වේ.

පැමිණිලිකාර වෛද්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් තෝරාගැනීමේ නිලවරණය සඳහා තමන් විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.

මෙසේ සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍ය සභාව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව ඔහු කියා සිටී.

එබැවින් තම පැමිණිල්ල විභාගකර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ‍ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව නිලධාරීන් තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Related posts

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාසයි

Admin

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin