Colombo Today Local News

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

යුක්රේනයේ සිට ගුවන් යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු අද (2)දින මත්තලින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව මෙම යුක්රේන ජාතිකයින් පිරිස දිවයිනට පැමිණ තිබේ.

ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ ගුවන් යානයෙන් සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මගින් අද (2)දින පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණ ඇත.

මේ අතර කලින් පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් යානා වලින්ම යුක්රේනය බලා පිටත්ව ගොස් තිබේ.

හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට කටයුතු කෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙනි. ඒ අනුව ඔවුන් මෙරටට පැමිණි 14 වන සහ 15 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

Related posts

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

Admin

මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!

colombotoday

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීමෙන් පෙළපොත්වල අන්තවාදී ඉගැන්වීම් වලට තිත.

colombotoday

පොලිස් ලොක්කන්ට තොරණ සංග්‍රහ තහනම් – නියෝග නොතකන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර

Admin

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin