Colombo Today Local News

තිහගොඩදී පාසැල් සිසුවෙකුට වෙඩි තැබූ SI බන්ධනාගාරයට!

මාතර, තිහගොඩදී වෙඩි වැදී දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපපොලිස් පරික්ෂකවරයා නොවැම්බර් මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනගාරගත කර ඇත.

ඔහු මේ වන විට වැඩ තහනමට ලක් වී සිටී.

මාතර, තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල ප්‍රදේශයේදී ඊයේ (ඔක්. 28) සවස පොලිස් නිලධාරීන් පිරිසක් සැක කටයුතු පිරිසක් පරීක්ෂා කිරීමේදී එම වෙඩි වැදීම සිදු වී තිබේ.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15ක දරුවෙකු ලැබූ අතර මේ වන විට ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

Related posts

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිට Pick Me කුණුහරුපෙන් අමතයි.

colombotoday

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

ප්‍රමුඛතාව අනුව උසස් පෙළ – සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත ලබා දිය යුතුයි

colombotoday

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday