Colombo Today Local News

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනයවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.

කොවිඩ් අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය පසුගිය 13 වැනිදා සිකුරාදා වසා දැමුණු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් ආසාදනයවීම නිසා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානියකු පැවසුවේ කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන කොමිසමේ නිලධාරීන් සීමිත පරිදි කැඳවා රාජකාරි කටයුතු කරගෙන යන බවයි.

දවසින් දවස එක් එක් අංශ බැගින් කැඳවා රාජකාරි කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පසුගිය සිකුරාදා වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කෙරුණු බව එහි ප්‍රධානීහු පවසති.

Related posts

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

මාධ්‍ය දඩයම වහා නවතනු

Admin

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

අසාද් සාලිගේ දිව කපයි – සරත් ෆොන්සේකා

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

colombotoday