Colombo Today Local News

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

mithrepalaවිදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට මෙරට අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳ අපට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට සහ විදේශීය යුද අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල, කුමන ආකාරයෙන් අදහස් ප්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (08) පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක් වෙමිනි.

විදේශ විනිසුරුවන් මැදිහත් වන අධිකරණ ක්‍රියාවලියකට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා මින් පෙරද විදේස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර පසුගියදා පැවති එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය කිසිසේත්ම අවසන් තීරණය නොවන බවයි.

Related posts

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

colombotoday

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

colombotoday