World

මැති, ඇමැති, නිලධාරී සියලු දෙනාගේ හෙළුව එලියට | ඔත්තු බලන පෙගාසස් මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇතුළේ

මාධ්‍යවේදීන් සහ විපක්ෂ ක්‍රියාකාරීන් පිළිබඳ ඔත්තු බැලීම සඳහා පෙගාසස් නම් ඊශ්‍රායලයේ නිපදවූ මෘදුකාංගය ඉන්දියාවේදී යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍යවේදීන් 40දෙනෙකුගේ පමණ දුරකතන අංක මෙම අවේක්ෂණ ඉලක්ක බවට පත්ව ඇති අතර හඳුනා නොගත් ආයතනයක් මඟින් මෙම මෘදුකාංගය මාධ්‍යවේදීන්ගේ දුරකතනවලට සාර්ථකව ඇතුලත් කර තිබෙන බව වෝහාරික විමර්ශන මගින් තහවුරු කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

ඉන්දීය අමාත්‍යවරුන් , රාජ්‍ය නිලධාරීන් හා විපක්ෂ මන්ත්‍රීවරු ද මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය මඟින් වින්දිතයන් බවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

“එන් එස් ඕ සමූහය” නම් ඊශ්‍රාල සමාගමක් විසින් නිර්මාණය කරන ලද පෙගාසස් නමැති මෙම අවේක්ෂණ මෘදුකාංගය ලොවපුරා රටවල්වලට අලෙවිකර ඇති බවට වාර්තා වේ.

මෘදුකාංගය ජංගම දුරකතනවලට රහසිගතව ඇතුළත් කිරීම මගින් කෙටි පණිවුඩ, විද්‍යුත් ලිපි, ෆේස්බුක්, ස්කයිප්, වට්ස්ඇප්, වයිබර්, වීචැට් සහ ටෙලිග්‍රෑම් වැනි මෙවලම් හරහා හුවමාරු වූ සියලු පණිවුඩවලට අදාළ දත්ත ද ලබාගැනීමට හැකියාව පවතින බව වාර්තා වේ.

Related posts

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000 ඉක්මවයි

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday