Colombo Today Local News

ඔක්තෝබර් 30 ETCA අත්සන් කිරීමට සියල්ල සූදානම් !

etca3දීපවාලී උත්සවය යෙදෙන මේ වසරේ ඔක්තෝබර් 29 හෝ 30 දෙදිනෙන් එක් දිනකදී ඉන්දු ලංකා වෙළද සහ සහ සේවා සහයෝගීතා ගිවිසුම (ETCA) ගිවිසුම අත්සන් තැබීමට දෙරට රජයන් එකග වී ඇත.

ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය මලික් සමරවික්‍රම හා ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර ඉකුත්දා නවදිල්ලියේදී ඇතිවූ සාකච්ඡාවලදී මෙම එකගතාවට පැමිණ තිබේ.

ඒ අනුව එහිදී එකග වී ඇති පරිදි පළමු අදියරේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති ආචාර්ය හිගයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආචාර්යවරුන් එවීමට කටයුතු කෙරෙනු ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ සේවයට එක්වන ආචාර්යවරු වසරක සේවා ගිවිසුමකට අත්සන් කල යුතු අතර ඔවුන්ට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමත වැටුප ශ්‍රී ලංකා රජයෙන්ද ඒ හා සමාන දීමනාවක් ඉන්දීය රජයෙන්ද ලබා දේ.

මේ අතර ඔක්තෝබරයේ අත්සන් කිරීමට යෝජිත ගිවිසුමට විරෝධය දක්වන පාර්ශව බිළිබා ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර රජයේ අමාත්‍යවරයෙක් හරහා මේවන විටත් ගිවිසුමට විරෝධය පලකළ ඉංජිනේරු ක්ෂේත්‍රයේ 4 දෙනෙකු මිලියන 5 බැගින් සන්තෝසමක් ලබාදී ඇති බවද පැවසේ.

මූලාශ්‍ර – 01

Related posts

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

colombotoday

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday