නීති විරෝධී හලාල් සහතිකකරණය හරා උපයා ගත් මුදල් සමස්ථ ලංකා ජමියාතුල් උලෙමා සංවිධානය විසින් IS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ලබා දී ඇති බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා මේ බව පැවසුවේ ජනාධිපති උපදේශ අසාත් සාලි විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හා මුහම්ද් නබිවරයා පිළිබද කතා කරන අයව මරාගෙන මැරෙන බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ එල්ලකරන ලද තර්ජනය සම්බන්ධයෙන් ඊයේ කිරුළපනදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
වැඩිදුරටත් කරුණු දක්වමින් ආචාර්ය දිලන්ත විතානගේ සදහන් කළේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිරියාවේදී මියගිය ප්‍රථම ශ්‍රී ලාංකික ත්රස්තවාදියා ලෙස සැළකෙන ‘අබු සයිලානි’ ජමියතුල් උලමා සංවිධානය සමග සමීප සම්බදකම් පවත්වා ඇති බවත්, උලමා සංවිධානය විසින් ඔහුට වැටුප් ගෙවා ඇතිබවට තොරතුරු ලැබී ඇතිබවත්ය.