Colombo Today Local News

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

සාලාව යුද හමුදා මධ්‍යම උණ්ඩ ගබඩාව පිපිරී විනාශ වීමට හේතුව තවදුරටත් අබිරහසක්ව පවතින බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශය, යුද හමුදා පොලීසිය හා යුද හමුදාපතිවරයා විසින් පත් කළ මූලික පරීක්ෂණ උසාවිය මඟින් වෙන් වෙන් වශයෙන් පරීක්ෂා හතරක් සිදුවන නමුත් මෙම පිපිරීමට හේතුව මේ වන විටත් නිගමනය කර නොමැත.

එහෙත් මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව වසර විස්සකටත් වඩා පැරැණි උණ්ඩ ගබඩා කර තබා ගැනීම අවදානම්කාරී බව මේ පරීක්ෂණ කණ්ඩායම් හී නිරීක්ෂණයට හසු වී ඇත.එම උණ්ඩ වෙනත් රටකට විකුණා දැමීම හෝ විනාශ කිරීම හෝ සිදු කළ යුතුව තිබුණ ද පසුගිය කාලයෙහි ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති බවද සදහන් වේ.

අනාරක්ෂිත තත්වයක පවතින වේයන්ගොඩ යුද හමුදා කදවුරේ පවත්වාගෙන යන උන්ඩ ගබඩාව එයින් ඉවත්කර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයෙහි ගබඩා කිරීමට තීරණය කර ඇත.

අඹේපුස්ස කඳවුරේ පිහිටා තිබෙන ගොඩනැගිලි කිහිපයක් මේ වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මේ වන විට එම ගොඩනැගිලි වටා පස් කඳු ආවරණයක් සැකසීම සිදු වෙමින් තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ පවතින උණ්ඩ ගබඩාව ද අඹේපුස්ස කඳවුරට ගෙන යාම ද ඉදිරියේ දී සිදුවනු ඇති බව පැවසෙන අතර මේ වන විට එම ගබඩාව සහ වේයන්ගොඩ ගබඩාව වටා ද පස් කඳු ආවරණ සකස් කරමින් පවතී.

Related posts

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday

විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි – මානව හිමිකම් කොමිසම

colombotoday

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday