Colombo Today Local News

අගමැතිගේ යෝජනාව ජනපති ස්ථීර කරයි.. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට

indra33

ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

සිය නිල ටීවීටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇති ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සියළු පාර්ශවවල එකගතාවයෙන් මෙම පත්කිරීම සිදුකරන බවයි. අගමැතිවරයා විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නම යෝජනා කළ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකට ඊළාම්වාදී රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරිණියක වන රාධිකා කුමාරස්වාමිගේ සොයුරාද වෙයි.

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ සිරගතව සිටින, කොටි සංවිධානය සදහා අරමුදල් සැපයූ බවට චෝදනා එල්ලවන රාජ් රාජරත්නම්ගේ ‘ගැලියන්’ සමාගමේ උපදේශකයෙකු ලෙසද කුමාරස්වාමි මහතා කටයුතු කර ඇත.

කෙම්බි‍්‍රජ් සරසවියේ උපාධිධාරියෙක් වන කුමාරස්වාමි මහතා අනතුරුව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේද, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද, මුදල් හා සැලසුම් අමාත්‍යංශයේ සේවයද සේවය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ උසස් තනතුරු හොබවා ඇති අතර ජොන් කීල්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර ඇත.

නව මහ බැංකු අධිපතිවරයා ශ‍්‍රි ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්චාවන්හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන පුද්ගලයෙකද වෙයි.

Related posts

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin