Colombo Today Local News

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

udaya gammanpila
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) නියෝග කළාය.

උදය ගම්මන්පිල රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.

සිඩ්නි ජයසිංහ රුපියල් 15000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූ අතර දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කරඇත.

 

Related posts

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

දේශපාලනයට ආවොත් ගෝඨාභය ලංකාවේ මීළග රාජ්‍ය පාලකයා වනවා නියතයි – විජිත රෝහණ

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday