Colombo Today Local News

ඥාණසාර හිමිට විරුද්ධව තිදෙනෙක් පොලිසි යයි.. අල්ලා හිරකරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

nadurdg33

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නීතිය ඉදරියට ගෙනැවිත් දඩුවම් පමුණුවන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතික තිදෙනෙක් ඊයේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිළි කර තිබෙනවා.

ඉකුත් දා මහියංගනයේදී පැවති විරෝධතාවක් අතරතුර ඥාණසාර හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් නිසා ආගමික සමගියට බාධා ඇතිවන බවත්, එහිමියන් විසින් පොලීසියට තර්ජණය කරමින් පොලිස් රාජකාරවලට බාධා කරඇති බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිවරයාට යැවූ ලිපිය ගැන අදහස් පලකරමින් ඥාණසාර හිමි ඉස්ලාම් ආගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙම පැමිණිලි තුන ඉදිරිපත් කර තිබේ.

මොහොමඩ් සයිනාස් නම් නීතීඥවරයෙකු සහ මෂූර් මොහොමඩි රිකාස්, රහීම් මොහොමඩ් සෆීන් යන ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

“මුස්ලිම් කවුන්සිලය විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපියේ පිටපතක් ප්‍රොපට් මොහොමඩ් හරහා අල්ලා දෙවියන්ටත් යවන ලෙසත්, අපි බය නොවන බවත්, අපෙන් ඉල්ලාගෙන කන්න හදන උන්ට කියන්න තියන්නේ ‘මේක සිංහල බෞද්ධ රටක්’ අපට සහජීවනය ගැන උගන්වන්න මුස්ලිම් අය එන්න ඕන නෑ” යැයි ඥාණසාර හිමියන් කර ඇති ප්‍රකාශයෙන් ඉස්ලාම් ආගමට හා මුස්ලිම් ජාතිකයන්ට අපහාසයක් සිදුකර ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් වේ.

Related posts

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin

පුත්තලමේ මහ ව්‍යසනයක්.. පිළිකාකාරක බැර ලෝහ තොග පිටින් පරිසරයට මුදාහරී.. බලධාරීන් නිදි (Photo)

colombotoday

උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178කට මූල්‍යමය ප්‍රතිපාදන

Admin

මේ කාලෙට කොහොමත් බඩුවල මිල වැඩියි

Admin

අමෙරිකාව-ශ්‍රී ලංකාව අතර සිදුකළ බවට සැක කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

colombotoday