Colombo Today Local News

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

කල් ඉකුත්වූ වී මිලදී ගෙන නිකවැරටිය ප්‍රදේශයේ ගබඩා කර තැබීම සම්බන්ධයෙන් වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවා තිබේ.

වී ගබඩා 2 ක පරණ වී ගබඩා කර ඇති බවට වයඹ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

අදාළ වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවට කළ විගණන විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

ඒ අනුව අදාළ නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙක මේ වනවිට විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්ද පරීක්ෂණයක් සිදු කෙරේ.

Related posts

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ, කෝවිල් කමිටුවේ ප්‍රධානීන් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ත්‍රීවීල් ඉස්සු 05 ක් මාට්ටු. ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින් කළයුතු දේ මෙන්න.

colombotoday

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

colombotoday