Colombo Today Local News

වාසියට පමණක් කට ඇරෙන හෙළ උරුමේ පූස් පැටියෙක් ගැන මධු මාධව කියයි

madhu madawa

පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂයේ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද මහතා මෙසේ අදහස් පල කලේය.

ජාතික හෙළ උරුමයේ සිටිනා පූස් පැටවෙකු ගැන මධුගෙන් හෙළි දරව්වක්

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා දේශපාලන පළිගැනීමකට අභූත චෝදනා නඟා සිරගත කිරීම සම්බන්ධ නාට්‍ය ඉදිරියට විකාශනය වෙනවා. ඒතුමන් සිරගත කිරීම කුඩා දරුවෙක් උනත් දන්නවා දේශපාලණ සිරගත කිරීමක් කියලා. නමුත් පුහුල් හොරා කරෙන් දැනෙන්නා වගේ එතුමාගේ සිරගත කිරීම සම්බන්ධව පා.ච. රණවක ඇතුළු නඩය එළියට පැන තමන් සමඟ ජාතික ව්‍යාපාරවලට උරෙන් උර ගැටී සටන් කළ සටන් සගයා සුදු ඇඳගත් සොරෙක් කියමින් බෙරිහන් දෙනවා.

ජාතික හෙළ උරුමයේ මිතුරන් අපිට කතා කරලා කියනවා අපිටත් දිනක මේ දේවල් මෙලෙසම නෙවෙයිද වෙන්නේ කියලා. චම්පික රණවක පසුගිය 25 වනදා මාතලේදී කියනවා ඔවුන් ඉන්නකල් මේ රට ෆෙඩරල් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා. එතුමගේ කයිවාරු නවත්ත ගන්න දැන් කාලය ඇවිල්ලා. ජාතික ගීය දෙමළෙන් ගයන කොට පූස් පැටියෙක් වගේ හිටපු එතුමා, හොර රහසේ විරු සමරුව කරපු එතුමා, කිසිම හමුදා නිලධාරියෙක් සිරගත කරද්දී කතා නොකරපු එතුමා මේ රට ෆෙඩරල් කරද්දීත් තමන්ගේ සිහින වෙනුවෙන් කටවහගෙන ඉන්නවා මිසක් ඔය කටවල් ඇරෙන්නේ නෑ. ඔය කටවල් ඇරෙන්නේ වාසියට පමණයි.

මුර බල්ලෙකු නොවී නායකයෙකු වීම

මේ ලෝකයේ දේශපාලන නායකයන් සිරගත කරලා තියෙනවා. ඔවුන්ට ගමන් මාර්ග දෙකක් තියෙනවා. සමහර මහා විරුවන් සිරගත කලාට පස්සේ මුරබල්ලන් වෙද්දී නෙල්සන් මැන්ඩේලා, අවුන්සාන් සුකී, ගාන්ධිවැනි සමහර චරිත හිරගෙවල් ඇතුළේදී වාගේ පන්නරය මෙන් ශක්තිමත් නායකයන් බවට පත්වෙනවා අපි දැකලා තියෙනවා. සරත් ෆොන්සේකා කියන විරුවෙක්ව සිටිය කෙනා අද මුර බල්ලෙක් බවට පත්වෙලා තියෙනවා ඉජු ඉජු කිව්වහම බුරාගෙන පනින. හිර ගෙවල් ඇතුලෙයි තමන් තමන්ව නැතිකරගත්තේ ඔවුන්. නමුත් උදය ගම්මන්පිල කියන්නේ වාසි අත ඇරලා ඇමති ධූර ඇත ඇරලා තමන්ගේ තානාන්තර අත හැරලා මේ රට වෙනුවෙන් තීන්දු තීරන ගත්කෙනෙක් නිසා අප විශ්වාස කරනවා මේ සිරකූඩුවේ ඉන්න මිනිසා මුරබල්ලකු නොවී මේ රටේ දේශපාලන නායකයෙක් වීමේ පන්නරය ලබමින් ඉන්න මොහොතකුයි මේ ගෙවමින් ඉන්නේ කියලා.

වට්ටි අම්මලාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය

ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි දකිනවා අපේ සිගිති චූන් එක ගංවතුර කාලෙ හොයාගන්නවත් නැතුව කොළොන්නාව පැත්තේ හැංගිලා ඉදලා මෙන්න දැන් එලියට ඇවිදින් ගම්මන්පිල මන්ත්‍රීතුමන්ට එරෙහිව බෙරිහන් දෙනවා. අපි හිරුණිකා මවන්ත්‍රී තුමියට එක දෙයක් මතක් කරන්න කැමතියි. ගැහැණියකට වට්ටි අම්මෙක් වගේ හැසිරෙන්න පුළුවන් පොලකදී. නමුත් පාර්ලිමේන්තුවේදී නම් නෙවෙයි. ඒනිසා අපි කියන්නේ උදය ගම්මන්පිල කියන මිනිසා සිටිය යුත්තේ සිරගෙදර නොව පාර්ලිමේන්තුවේ බව නඩු තීන්දුව එනකොට මේ රට දැන ගනීවි.

අරවින්ද අතුකෝරල

Related posts

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

colombotoday

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday

මහින්ද දිනුවානම් මාව අඩි 06ක් පොළව යට වළලනවායි කී කතා දේශපාලන වේදිකාවේ කතා පමණයි… මාව මරන්න කුමන්ත්‍රණය කළේ රනිල් වික්‍රමසිංහයි – ජනපති

colombotoday