Colombo Today Local News

කොටුව, මල්වත්ත පාරෙන් ලක්ෂ 40 ක හෙරොයින් මතුවෙයි

කොළඹ, කොටුව, මල්වත්ත පාරේ කළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 40 ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 248 කි.

කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Admin

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

colombotoday

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

colombotoday

ඇමති ෆවුසිට වාහනයක් ගන්න කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin