Colombo Today Local News

අප්‍රිකාවේ මාරාන්තික වෛරසය සංචාරකයන්ගෙන් රටට ඇතුළුවීම වළකන්න බෑලු

දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.

නවසීලන්තයට කිසිදු රෝගියකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදී ඇති තත්ත්වයක් යටතේ වුව මෙම මාරාන්තික වෛරසය නවසීලන්තට ඇතුළු වූ බවත් ආචාර්යවරයා පෙන්වාදේ.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන බැවින් මෙම වෛරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීම ඉතා අපහසු බව ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් ඔහු පෙන්වාදෙයි.

ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේදයන් මෙරටට පැමිණීම වළක්වා ගැනීම සඳහා යම් යම් ක්‍රියා මාර්ගයන් ගත් නමුත් එම වෛරසයන් ආසාදනය වූවන් පසුව සමාජයෙන් වාර්තා වූ බවද ආචාර්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කරන තෙක් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයන් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වාදෙයි.

Related posts

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

ආණ්ඩුවේ කීර්තිනාමය රැකගන්න මහින්ද, ගෝඨාභය, ජගත් ජයසූරියට දඩුවම් දියයුතුමයි – ෆොන්සේකා (Video)

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday