Colombo Today Local News

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ ඊයේ (31)දින පැවැසුවේය.

දැනට එම ප්‍රතිලාභ හිමි වන්නේ 2016 ජනවාරි මස 01 දිනෙන් පසු රජයේ සේවයෙන් විශ්‍රාම ගත් අය සඳහා බව කී ඇමැතිවරයා ඔවුන්ට වයස අවුරුදු හැත්තෑව වන තෙක් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා දෙන බවද කීය.

දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකයන්ට අදාළ වන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : තවත් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin

රත්නපුරේ බේකරියක පිපිරීමක්

colombotoday

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අසාද් සාලිට රැඳවුම් නියෝග.

colombotoday