Colombo Today Local News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙන බවය.

අගෝස්තු 17 වනදා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිතව ඇත.

අගෝස්තු මස 21 – සිට 25 වනදා දක්වා කුඹල් පෙරහර 26 සිට 30 වනදා දක්වා රන්දෝලි පෙරහැර පවත්වා අගෝස්තු 31 වනදා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදිනම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීම සිදුකිරීමට නියමිතව ඇත.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

Admin

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

කැලණි සරසවියේ අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6ක් අද අධිකරණයට..

Admin

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday