Colombo Today Local News

කෘෂිකර්ම ඇමති කිව්වේ අමූලික බොරුවක්.. මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ

රසායනික පොහොර ගැටළුව නිසා මෙවර මහ කන්නයේදී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ වී වගා නොකළහොත් රජයට රුපියල් කෝටි 280 ක ආදායමක් අහිමි වන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි- සංවිධානයේ දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති මහතා පවසයි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව අවධානරණය කළේය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සභාපතිවරු රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

අපි ආයේ රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරන්න කොළඹට එන්නෙ නෑ. අපි මෙවර මහ කන්නයේ වි වගා කිරීම වර්ජනය කරන්න තීරණය කළා.

රජය රටින් රතු කුඩු වගයක් ගෙන්වලා. මේ මහපොළොවත්, වී ගොවිතැනත් අමු අමුවේ මරන්න හදනවා.ඒ ගෙන්වන රතු කුඩු මේ පසට,කොතරම් සුදුසුද යන්න කිසිදු පරීක්ෂණයක් කර නැහැ. ඒ නිසා අපි රජයට කියනවා කරුණාකරල මහ කන්නයේ වී වගා කිරීමට රසායනික පොහොර වහාම ලබා දෙන්න කියලා.

කාබනික පොහොරවලින් වී වගා කරන්න කැමතියි කියලා ජාතික ගොවි සම්මේලනය දී ගොවි සභාපතිවරුන් කීප කීපදෙනකු කැමතියි කියලා කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබුණා.ඒක අමූලික බොරුවක් කිසිම ගොවි නායකයකු එහෙම ප්‍රකාශයක් කර නැහැ.

පොළොන්නරුවේ ගොවීන් හැටියට අපි ඒකමතිකව තීරණය කළා කාබනික පොහොරවලින් වී වගා කරන්නෙේ නෑ කියලා. අපි රටේම ජනතාව මේ කියන්නේ ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ රට සාගතයක් කරන්න එපා.

Related posts

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

colombotoday

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday

දේශපාලන කටයුතුවලින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙකු අත්හිටුවයි

Admin

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday