Colombo Today Local News

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගම වන එයාර් බස් (Air bus) ආයතනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක (රු. කෝටි 20,000ක) වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා ඇත. එයාර්බස් සමාගම සමග සිදුකළ ආන්දෝලනාත්මක ගනුදෙනුවේදී ශ්‍රීලංකන් ගුවන් සමගාමට සිදුවූ අලාභය, කීර්තිනාමය අහිමිවීම සහ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීම යන කරුණු වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ පවසයි.

බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (The Serious Fraud office -SFO) සහ එයාර් බස් සමාගම අතර පැවැති නීතිමය ක්‍රියාවලියකදී අනාවරණය වී ඇති අල්ලස් ලබා ගැනීමේ හා වෙනත් වංචනික ක්‍රියා පිළිබඳ තොරතුරු පදනම් කර ගනිමින් ශ්‍රීලංකන් ආයතනය මෙම වන්දි ඉල්ලීම සිදුකර ඇත. මැලේසියාව, ශ්‍රී ලංකාව, තායිවානය, ඉන්දුනීසියාව සහ ඝානාව යන රටවලට එයාර්බස් ගුවන් යානා ලබාදීමේදී එයාර් බස් පාර්ශ්වයෙන් සිදුව ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා මෙම නීතිමය ක්‍රියාවලියේදී අනාවරණය වී ඇති අතර බ්‍රිතාන්‍යයේ Crown Court (කිරුළ අධිකරණය) විසින් ඒ බව තහවුරු කර ඇත.

ඩොලර් බිලියන 01ක වන්දියක් ඉල්ලා සිටීමට අමතරව ආන්දෝලනාත්මක ගුවන් යානා ගනුදෙනුවේදී එළඹුණු A350 – 900 ගුවන් යානා 04 මිලදී ගැනීම සඳහා වූ ගිවිසුම අවලංගු කරන ලෙසද ශ්‍රීලංකන් ගුවන් සේවය එයාබස් සමාගමෙන් ඉල්ලා ඇත. එසේම ගුවන් යානා මිලිදී ගැනීම සඳහා ගෙවූ ඩොලර් මිලියන 19ක අත්තිකාරම්ද ආපසු ඉල්ලා ඇත. මෙම නඩුව වෙනුවෙන් ජාතික ගුවන් සේවය අන්තර්ජාතික නීති සේවා ආයතනයක සහාය ලබා ගන්නා අතර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට පියවර ගෙන තිබේ.

2013 වර්ෂයේදී ගුවන් යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් සමාගම සමග මෙම ආන්දෝලනාත්මක ගිවිසුමට එළඹුණු අතර එහිදී අක්‍රමිකතා සිදුවුණු බවට චෝදනා එල්ල විය. එම චෝදනා පදනම් කරගනිමින් පසුගිය යහපාලන ආණ්ඩුව මෙම ගිවිසුම අහෝසි කළේය. එසේ ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ගිවිසුම අහෝසි කිරීම හේතුවෙන් මේ වන විට එයාර් බස් සමාගමට ඩොලර් මිලියන 98ක (රුපියල් කෝටි 1960ක්) වන්දි මුදලක්ද ගෙවා ඇත.

Related posts

රට බල්ලන් ගෙට දමා, හැදූ පියා බලු කූඩුවට දැමූ නරුම දුවක් දැන් පොලිස් කූඩුවේ

colombotoday

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

එන්නත ලබාගත් දරුවන්ට ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක පෙති යවන ජාවාරමක් හෙළිවේ..

colombotoday

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday