Colombo Today Local News

ආධුනික පොලිස් කොස්තාපල්ගේ පරීක්ෂණයට පැමිණි ‘හොර කොස්තාපල්’ මාට්ටු

ආධුනික පොලිස් කොස්තාපල්වරුන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ පරීක්ෂණයකට කොස්තාපල්වරයකු වෙනුවෙන් ඉදිරිපත් වූ වෙනත් පුද්ගලයකු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් කොස්තාපල්වරුන්ගේ සේවය ස්ථිර කිරීමේ පරීක්ෂණය සඳහා වන පිහිනුම් පරීක්ෂණය එදින පැවැත්වී ඇති අතර අම්බලන්තොට පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු වෙනුවෙන් වෙනත් සිවිල් පුද්ගලයකු පරීක්ෂණ භූමියට පැමිණ ඇති බවට ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහුගේ මිතුරකු වෙනුවෙන් පිහිනුම් පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හොර රහසේ පැමිණ ඇති බව තහවුරුවී ඇතැයි පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු පිහිනුම් ක‍්‍රීඩාවට ඉතා දක්ෂ පුද්ගලයකු බවට තහවුරු වී ඇතැයි ද වාර්තා වේ.

ඔහු පරීක්ෂණ භූමියට පැමිණීමේදී අම්බලන්තොට පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු නිලධාරියාට නිකුත් කර තිබූ නිල ලාංඡන සහිත නිල ඇඳුම, පොලිස් හැඳුනුම්පත් දෙකක්, විභාග අයැදුම් පත‍්‍රය සහ අදාල කොස්තාපල්වරයාගේ ලිඛිත ප‍්‍රකාශය සහ ජංගම දුරකථනය ද රැගෙන පැමිණි අතර ඒ සියල්ල පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday