Colombo Today Local News

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

ගන්දර පොලිස් ස්ථානයේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවෙකුට වෙඩි වැදී තුවාල ලැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවු 30 හැවිරිදි සැකකරුවෙකු වෙඩි වැදිමේ තුවාල සහිතව මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය.

ගන්දර පොලිස් ස්ථානයේ දී සිය ගිනි අවියේ පතොරම් ඉවත් කිරීමට යාමේ දි අහඹු ලෙස උණ්ඩයක් පිටවු බවට සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා ප්‍රකාශයක් සිදුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් පොලිස් විනය සංග්‍රහය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

වෙඩි වැදුණු සැකකරුගේ තත්ත්වය බරපතළ නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Admin