Colombo Today Local News

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

වනජීවී හා වන සංරක්ෂණ ප්‍රදේශවලට අයත් දිගු කලක් වගා කරන ඉඩම් යළි ගොවීන් වෙත නිදහස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි.

තම වගා බිම් ප්‍රදේශ වනජීවී හා වන සංරක්ෂණ කලාප තුළ පිහිටීම හේතුවෙන් දැඩි ගැටලු ඇතිවන බවට පසුගිය කාලයේ ගොවීන්ගෙන් පැමිණිලි රැසක් ලැබුණි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඒ අනුව වනජීවි දෙපාර්තමේන්තුව , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යාංශය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ආදී ආයතන ඒකාබද්ධව ගැටලු පවතින ප්‍රදේශ ආශ්‍රිතව ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

වැඩසටහනේ පළමු අදියර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන අතර හම්බන්තොට හා අනුරාධපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන් අනතුරුව එය ක්‍රියාවට නැංවීමට නියමිත ය.

Related posts

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

colombotoday

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

“යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා” නුවරට, නුවරක් හැදූ දිරිය මිනිසෙකුගේ කතාව

colombotoday

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට දැන්වීමක් කර නෑ – කථානායක කරු

colombotoday