Colombo Today Local News

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19)දින දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.

ඒ, තල්දූව සතිපොළ ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණ 72 ක් අතරින් 18 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙනි.

ඒ අනුව පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම තුළ පදිංචි සියලුදෙනා තම නිවෙස්වල රැඳිය සිටිය යුතු බවත් සියලු වෙළෙඳසැල් වසා දැමීමට කටයුතු කළ යුතු බවත් දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අයිරාජ් ගමගේ මහතා පවසයි.

“පසුගිය දා තල්දුව පොළේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 72න්, 18ක් පොසිටිව් වෙලා තියෙනවා. ඒ අනුව අද දහවල් 12 සිට පහළ තල්දුව ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමක් කරනවා. එයින් ආශ්‍රිතයින් සොයා ගැනීම ඉතාම පහසුයි. “

Related posts

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday

“අර්ධ අනාගමික, ෆෙඩරල් ව්‍යවස්ථාවකට හැමෝම උදව් කරන්න“ – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා කියයි

colombotoday

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

colombotoday