Covid 19

බස්නාහිරින් පිටවීමට ගිය කොවිඩ් ආසාදිතයින් 103ක් හදුනා ගනී.

දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බවය.

ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පීසීආර් පරීක්ෂණ සිදුකර ඉහත ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තෛපොන්ගල් දිනයට පෙර දින බස්නාහිර පිටවීමට ගිය පුද්ගලයින් 1,658 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර එයින් පුද්ගලයින් 21 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒසේම බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපළඳින ලද පුද්ගලයින් ජනවාරි 5 වන දින සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර පුද්ගලයින් 2,807 දෙනෙක් අතරින් 50 දෙනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අතරව මාළු ලෑලි ආශ්‍රිතව පුද්ගලයනින් 661 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සිදුකර තිදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොළ සහ පදික වෙළෙඳුන් ආශ්‍රිතව පුද්ගලයින් 1,146 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර ඉන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

මීට අමතරව කොළඹ කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ලෙස පුද්ගලයින් 385 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර එයින් 18ක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා | 90ක් නිරෝධායනයට

colombotoday

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

නව ආසාදිතයින් 214 දෙනෙකු හදුනා ගනී

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday