Colombo Today Local News

“සිකුරාදා වන වි රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සඳුදා සිට බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරනවා”

ලබන සිකුරාදා වන විට රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එළඹෙන සඳුදා සිට බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් පවසති.

වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණය කළ බව ඔවුන් පවසයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා,

“රට තුළ කොවිඩ් තත්ත්වය බරපතළ ලෙස සමාජ ගතවෙලා තියෙනවා කියන කාරණය සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ මේ කොවිඩ් -19 රෝගීන් ව දරාගත නොහැකිව බරපතළ තත්ත්වයකට පත්වෙලා. සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල මියයනවා. රජයේ සේවකයින් මියයනවා. පෞද්ගලික අංශ සේවකයින් මියයනවා. සෞඛ්‍ය අංශ ලෙඩ කිරීම කියන්නේ රට ම ලෙඩවෙනවා කොවිඩ් -19 තත්ත්වය යටතේ තවදුරටත් මේ විදියට ඉස්රහට ගියොත්. අද අපි වෘත්තීය සමිති විදියට තීරණයක් ගන්න මැදිහත් වුණේ, ආණ්ඩුවේ අසමත්කම වහගන්න කොවිඩ් පාවිච්චි කරනවා. මේ රටේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කොවිඩ් -19 පාලනය කරන්න ආණ්ඩුව දැන් යොමුවෙලා නෑ.”

කෙසේවෙතත් දෛනික ආදායම් මාර්ග ලබන පිරිස් පවසන්නේ රට වසා දැමුවහොත් තමන් දැඩි දුෂ්කරතාවට පත්වන බවය.

Related posts

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin