Colombo Today Local News

ප‍්‍රදේශ කිහිපයක් හැර මුළු රටම කොරෝනා අධි අවදානම සහිත රතු කලාපයක්

පවතින දැඩි වසංගත තත්ත්වය තුළ දකුණ, උතුරුමැද, උතුර, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ කිහිපයක් හැර මුළු රටම කොරෝනා අධි අවදානම සහිත රතු කලාපයක් බවට පත්ව තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය මගින් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව රටපුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් සිදු කරනු ලැබූ නවතම සිතියම්ගත කිරීම මගින් මේ බව පෙන්වා දී ඇති බවයි පුවත්පත් පෙන්වා දෙන්නේ.

මෙම සිතියමේ අධි අවදානම් කලාපය රතුපාටින් දක්වා ඇති අතර කොළ පාටින් පෙන්වා දී ඇත්තේ අවදානමෙන් තොර ප‍්‍රදේශය. ආසාදිතයන් අඩු වශයෙන් වාර්තා වන ප‍්‍රදේශ කහ පාටින් දක්වා තිබේ.

නැගෙනහිර පළාතේ වව්නතිව්, කාත්තන්කුඩි, අරියම්පති, වෙල්ලාවලි, අඩඩාලචේනයි, අක්කරෙයිපත්තු, මහඔය සහ වාලච්චෙනයි ඇතුළු ප‍්‍රදේශ කිහිපයකුත් ඌව පළාතේ මීගහකිවුල, කන්දකැටිය, සබරගමුව පළාතේ වැලිගේපොල, ඉඹුල්පේ මෙන්ම දකුණු පළාතේ තවලම, හිනිදුම, දෙණියාය, ඕකෙවෙල, උතුරුමැද පළාතේ කැබිතිගොල්ලෑව, රඹෑව, කහටගස්දිගිලිය, නාච්චදූව සහ උතුරු පළාතේ අඩම්පන්, මාන්තෙයි, මඩු, මුසලි සහ පලාලි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් පමණක් එම අධි අවදානම් කලාපයට අයත් නොවන බව එම සිතියම අනුව පෙනී යයි.

Related posts

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

එළුග තමිල් දෙවන රැළිය මඩකලපුවේදී !

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානයයි. | විරුද්ධවදියාව රැකසිට මරන්න කියලත් තියෙනවා. – අජිත් ප්‍රසන්න.

colombotoday

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin