Colombo Today Local News

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

විදේශ රූපවාහිනී නාලිකාවක් විකාශ කළ වැඩසටහනක් හේතුවෙන් මුදලට ක්‍රිකට් තරග පාවාදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනාට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට සාක්‍ෂි ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) තීරණය කර තිබේ.

එම වැඩසටහනේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කළ තරිඳු මෙන්ඩිස් සහ තරංග ඉන්දික දෙපළට චෝදනා එල්ල වූ අතර චෝදනා නොමැති වීම හේතුවෙන් නිදහස් වූ පස්දෙනාට එම දෙපළ ද ඇතුළත්ව සිටිති.

පාකිස්තානු හිටපු ක්‍රීඩක හසන් රාසා ද නිදහස් වූ පුද්ගලයන් අතරට ඇතුළත්ව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම වැඩසටහනට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් ද ඇතුළත්ව සිටි අතර ඒ අතර එක ක්‍රීඩකයකුට මුදලට තරග පාවාදුන්නේ යැයි කියන චෝදනාවට පසුගියදා වසර හයක තහනමක් පැනවූ අතර අනෙක් ක්‍රීඩකයා මීට පෙර චෝදනාවලින් නදහස් කර තිබුණි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්දන ඒකකයේ සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් මේ පිළිබඳව පරීක්‍ෂණයක් කළ බවත් එහිදී අදාල රූපවාහිනී වැඩසටහනේදී හෙළි වූ කරුණු තහවුරු වී නොමැති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසයි.

Related posts

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

Admin

උතුරු නගනහිරට ෆෙඩරල් පාලනයකට යන ගමන කිසිවිටෙකවත් අත්හරින්නේ නෑ – විපක්ෂ නායක

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

Admin

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday