Colombo Today Local News

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

chandrika

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කර ගතහොත් තමන් තව දුරටත් රජය සමග නොසිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේබව කියා සිටියේ වතුපිටිවල ප්‍රදේශයේ ආධාර බෙදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් ලක්වැසියන් පීඩා විදිත්දී තමන් ලන්ඩනයේ සංචාරයක නිරත වී සිටි බවද පීඩාවට පත් ජනතාවට පිහිට වීමට තමන් පැමිණි බවද ඇය සදහන් කලාය.

‘තමා අසනීපවී සිටීදැයි විමසමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණ බවත් එක්තරා වෙබ් අඩවියක් මට අංශභාගය හැදිලා කියලා වාර්තා කර තිබුණා. එය වාර්තා කර තිබූ කෙනා කවුරු වුණත් එයාගෙන් අහන්න ඕනේ මට අංශභාගය හැදිලාද නැද්ද කියලා‘ යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.

Related posts

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin