Colombo Today Local News

නැගෙනහිර නාවික බලය බිදීමේ ඇමරිකානු මෙහෙයුමක් !

wimal25

නැගෙනහිර නාවික බලය සියතට ගැනීමේ මෙහෙයුමක් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ 07 කැදවා තිබූ මාධ්‍ය හමුවකදී නැගෙනහිර නාවික ආඥාපතිවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව පැවසුවේ. නැගෙනහිර නාවික ආඥාපතිවරයා ලෙස රාජකාරී කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ හදිසියේ ඉවත්කර ඒ වෙනුවට පත්කර ඇත්තේ තමන් විසින්ම නාවික හමුදාවෙන් ඉල්ලා අස්වූ රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නමැති නිලධාරියා බවයි.

ඔහු 2011 වසරේ නාවික හමුදාවෙන් ඉවත්වී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශයේ වසර හතරක් පමණ සේවය කර ඇති බවත්, වර්තමාන ආණ්ඩුව විසින් ඔහුව දේශපාලන පළිගැනීමකට ලක් වූ නිලධාරියෙකු ලෙස නම් කරමින් රියර් අද්මිරාල් නැමැති උසස්වීමද සමගින් 2015 වසරේ නාවික හමුදාවේ සේවයේ යළි පිහිටුවා ඇති බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සදහන් කළේ.

අමෙරිකානු නාවික හමුදාවේ අභිප්‍රාය ත්‍රීකුණාමල වරාය ඔහුන්ගේ ක්‍රියාදාමයන් සඳහා යොදා ගැනීම බවත්, මෙම සිද්ධියද ඊට සම්බන්ධ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

colombotoday

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නවතන්න සැලසුම් සකස්න්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday