Colombo Today Local News

අළුත් ව්‍යවස්ථාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නිර්දේශ කෙරේ

cons25නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව මේ වන විට රජයට ඉදිරිපත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ කමිටු සාමාජිකයන්ගේ අදහස් බවත්, ඒවා දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී අදහස් බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පෙන්වා දෙයි.

කමිටුව පත් කලේ මහජන අදහස් විමසීමට වුව “මහජන අදහස්” යන නමට මුවා වී විජාතික මතධාරී කමිටු සාමාජිකයන් සිය පුද්ගලික මතවාද වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි. මෙය කෙතරම් නිර්ලජ්ජී ලෙස සිදු කර ඇත්දැයි පැවසුවහොත් කමිටු සාමාජිකයන් බහුතරයක් ජාතික කොඩිය ගැන දැක්වූ අදහස පරයා කමිටුවේ සුළුතරයකගේ අදහස් ප්‍රමුඛ අදහස් ලෙස උලුප්පා දක්වා ඇත.

බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි කර අනාගමික රාජ්‍යක් සෑදීම, රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය, සිංහල ජාතික අනන්‍යතාව ඉතා දැඩි ලෙස මෙම වාර්තාව සහ නිර්දේශ මගින් අභියෝගයට ලක් කර ඇති බව පෙන්වා දෙන ජයසුමන මහතා මෙම කමිටු සාමාජිකයන් සියල්ලෝම පාහේ පසුගිය කාල සීමාවේ රාජ්‍ය නොවන සංවිධාන සමග සමීප සබදතා පැවැත්වූ රට ෆෙඩරල් රාජ්‍යක් කිරීම වෙනුවෙන් පෙනී සිටි නිවටුන් රැලක් බවද පැවසීය.

ජාතික කොඩිය වෙනස් කිරීම සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසි කිරීම සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ

1cc2cc

සම්පූර්ණ වාර්තාව මෙතැනින්

Related posts

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

තොග මිල සිල්ලර මිලට වඩා ඉහළයෑමෙන් සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම නතර කරති

colombotoday

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin