Colombo Today Local News

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

නීති විරෝධීව මෙරටට ගෙනා සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේවනවිට ශ්‍රී ලංකා රේගුව විසින් ගබඩා කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා විමසා සිටියේ එම සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණය සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිද යන්නයි.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වය පළ කළ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

මෙයට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳ පොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට ද මෙහි දී අවධානය යොමු කෙරුණි.

රට තුළ සහල් හිඟයක් නොමැති බව කී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බව එහිදී සඳහන් කළේය.

Related posts

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

colombotoday

IOC ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

නාඩු කියා ආනයනය කර ඇත්තේ බාස්මතී-කෝටි ගාණක වංචාවක්?

Admin

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin