World

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව විසින් එරට තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම්දී ඇත.

එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමට ස්වදේශ කටයුතු කාර්යාලය ගත් තීරණය “දෝෂ සහිත” සහ නීති විරෝධී බව පසුගිය වසරේ මෙම අභියාචනා කොමිසම තීරණය කළේය. එම තීරණය මත පදනම් වෙමින් මෙලෙස තහනම ඉවත් කරන ලෙස කොමිසම දැනුම්දී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව ලබන මාර්තු 18වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.

දෙමළ ජනයා පිළිබඳ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන සියෝබයින් මැක්ඩොනග්, එලියට් කොල්බර්න් සහ ශ්‍රීමත් එඩ්වර්ඩ් ඩේවිගේ යෝජනාවකට අනුව මෙම විවාදය පැවැත්වෙන බව එරට පාර්ලිමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය පොලිසිය සහ කෙන්ටන්හි එල්ටීටීඊ ධජ රැගෙන ගිය විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටීමක්ද ගෙවුණු (14) දිනයේ සිදුව ඇත. මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලිසියට පහරදෙන අයුරු සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝ පටවල දැක්වේ.

මේ වන විට උපවාසයේ යෙදී සිටින අම්බිහායි සෙල්වකුමාර් නම් කාන්තාවට සහයෝගය දැක්වීමට විරෝධතාකරුවන් එක්රැස් වූ බව ‘හැරෝ ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කරයි.

සෙල්වකුමාර් ජන සංහාරය වැළැක්වීමේ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ (ICPPG) අධ්‍යක්ෂවරියක වන අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා ඇය මෙම උපවාසය ක්‍රියාත්මක කර ඇත.

Related posts

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

colombotoday

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

Admin