Colombo Today Local News

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

විමර්ශන නිලධාරීන් යැයි පවසමින් විහාරස්ථානවල මුදල් හා ඉතා වටිනා බුදුපිළිම සංවිධානාත්මකව කොල්ලකෑ පුද්ගලයින් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (17)දින දහවල් කාලයේ දී කතරගම නගරයේ පිහිටි විහාරස්ථානයකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් කොළඹ අපරාධ විමර්ශන අංශයකින් යැයි පවසමින් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ බියවද්දා ඇති බවය.

පසුව මංකොල්ලකරුවන් විසින් විහාරස්ථානයේ තිබූ ඉතා වටිනා බුදුපිළිමයක් හා ජංගම දුරකථනයක් ද රැගෙන ගොස් තිබේ.

මේ අතර, ඊයේ රාත්‍රී 7ට පමණ අහුංගල්ල පොලිස් වසමේ, බලපිටිය පාතේගම විහාරස්ථානයකට පැමිණි කණ්ඩායමක් විසින් තමන් බස්නාහිර පළාතේ විමර්ශන කණ්ඩායමක් යැයි පවසමින් එම විහාරස්ථානයේ වැඩවිසූ ස්වාමීන් වහන්සේ නමකගෙන් මුදල් කොල්ලකා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සිදුවීම් දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් විමර්ශන නිලධාරීන් සෑම විටම හැඳුනුම්පතක් අතැතිව පැමිණෙන බැවින් එය පරීක්ෂා කර බලා අදාළ විමර්ශන සඳහා සහය දක්වන ලෙසත් කියා සිටියේය.

Related posts

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා ?

colombotoday

හෝටලයක කෑම වලින් පෙති වර්ගයක් මතුවෙයි.. අම්පාරේ උණුසුම් තත්ත්වයක්.. හෝටලය ගිනිබත් වෙයි

colombotoday

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

colombotoday